Type Here to Get Search Results !

විදාරණය නිසා ක්‍රැකටෝ ගිනි කන්දට වුනු දේ


Visit Now

ඉන්දුනීසියාවට ප්‍රබල සුනාමියක් ඇති කරමින් මීට සතියකට පමණ පෙර විදාරණය වූ අනාක් ක්‍රැකටෝ ගිනිකන්දට මෙම විදාරණය හේතුවෙන්ම එහි උසින් හා ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ අහිමිව ඇති බව විද්‍යාඥයෝ පවසති.

සුන්දා සමුද්‍ර සන්ධියේ පිහිටි මෙම ගිනි කන්ද විදාරණයත් සමග සාගර අභ්‍යන්තරයේ සිදුවූ නායයෑම් හේතුවෙන් ඇති වූ සුනාමි රළ හේතුවෙන් ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළබඩ ජීවත්වූ 400කට වැඩි පිරිසක් ජීවත් වූ අතර, තවත් 20 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිති. එමෙන්ම, මෙම ව්‍යසනයෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස 40,000 ඉක්මවති.

චන්ද්‍රිකා ඡායාරූප යොදාගෙන විද්‍යාඥයෝ මෙම ගණනය කිරීම් සිදුකර ඇති අතර, විදාරණයත් සමග එහි වූ පාෂාණ සහ යමහල්අළු විශාල ප්‍රමාණයක් සාගරයට එකතු වී තිබේ.

විශේෂයෙන්ම පසුගියදා ඇති වූ සුනාමියේදී මෙසේ ගිනි කන්දෙන් විශාල කොටසක් එක් මොහොතක සාගරයට ගිලාබසින විට මීටර් 5ක් පමණ උස සුනාමි රළක් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවිය හැක්කක් බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads