Type Here to Get Search Results !

පිතිකරුවො දන්නෙ නැහැ තරඟ දිනන්න මාලිංගගෙන් චෝදනාවක්


ශ්‍රී ලංකා කණ්ඩයමේ පිතිකරුවන් තවමත් තරඟ ජයග්‍රහණය කිරීමට නොදන්නා බව  නායක ලසිත් මාලිංග පවසනවා.

ඒ අද (11) පැවති ශ්‍රීලංකා නවසීලන්ත විස්සයි 20 තරඟයෙන් ලකුණු  35ක පරාජයක් ලද පසුවයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තිරණය කළ අතර, ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ මුල්කඩුලු පහ ලකුණු 55ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුවත් නවසීලන්ත පසුපෙළ පිතිකරුවන් කඩා වැටුණු ඉනිම ගොඩ නැංවීය.

සුපුරුදු පරිදි අවසන් පන්දු ඕවර කිහිපයේ ශ්‍ රීලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයට ලක්වූ අතර, අවසන් පන්දු ඕවර 10 පමණක් නවසීලන්තය ලකුණු 124ක් රැස් කළේය

තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ මෙවැන්නකි..

අපි 16 වනි පන්දු ඕවරය දක්වා හොඳින් කළා.නමුත් අවසාන පන්දුවාර 4 විශාල ලකුණු ප්‍රමාණයක් ලබාදුන්නා.ඒත් මම හිතන්නේ අපට මේ ලකුණු ප්‍රමාණය හඹා යන්න තිබුණා.අපේ පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා.මම හිතන්නේ අපේ පිතිකරුවෝ දන්නේ නැහැ තරඟ ජයග්‍රහණය කරන්න.ඒ නිසා තමයි අප පරාජය වන්නේ.මේ සංචාරයෙන් බොහෝ දේවල් ඉගන ගැනීමට තිබෙනවා.

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads