Type Here to Get Search Results !

Chang e-4 සඳේ අඳුරු පැත්තට සාර්ථකව ගොඩබසී (PHOTOS)


Visit Now

ස‍ඳෙහි අඳුරු පෙදෙස පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු සොයාගැනීමට දියත් කළ චීනයේ Chang e-4 අභ්‍යවකාශ යානය සාර්ථක ලෙස එම කලාපයට ගොඩ බැස්වූ බව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, කිලෝ මීටර් 24,000ක් පළල, කිලෝ මිටර් 13ක් ගැඹුරු අගාධයකට මෙම යානාව ගොඩබස්වා ඇති බවද කියයි.

ඒ අනුව, චීන අභ්‍යවකාශ යානය විසින් මෙම අවස්ථාව රැගත් ඡායාරූප කිහිපයක්ද පෘථිවිය වෙත එවා තිබුණු අතර, එය සඳෙහි අඳුරු කලාපයේ ප්‍රථම ඡායාරූප කිහිපයද වෙයි.

චීනය දියත් කළ Chang e-4 අභ්‍යවකාශ යානය සතුව රෝවර් යානයක්ද පවතින අතර, එමගින් සඳෙහි පවතින ඛනිජ සම්පත් පිළිබඳ අධ්‍යයනය කරනු ඇති බවද කියයි.

එමෙන්ම, පහළ සංඛ්‍යාත රේඩියෝ තරංග යොදාගනිමින් තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණයක් සඳහාද මෙම යානය කටයුතු කරනු ඇත.




Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads