Type Here to Get Search Results !

HUAWEI 5G තාක්ෂණය රුසියාවෙන් බාරගනී


5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ අනුව, ඉදිරි වසර තුළදී රුසියාව තුළ 5G ජාලය ව්‍යාප්ත කිරීම සඳහා හුවාවේ සමාගම කටයුතු කරනු ඇති බව ඔවුන් කියයි.

චීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් මෙම ගිවිසුම අත්සන් කිරීමද විශේෂත්වයකි.

විශේෂයෙන්ම, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් හුවාවේ සමාගම එම රටවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම සමාගමට එරෙහිව සම්බාධක පණවන වටපිටාවක ඔවුන් මෙම ගිවිසුම අත්සන් කරන ලදී.

ඒ අනුව, රුසියාව සමග අත්සන් කළ මෙම නව ගිවිසුම යටතේ 2019 සහ 2020 යන වසරවලදී පස්වැනි පරම්පරාවේ මෙම නව තාක්ෂණ ජාලය සහ එහි පැතිරුණු තාක්ෂණයන්ගෙන් රුසියාව බලගැන්වෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

එක්සත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛව බටහිර ජාතීන් විසින් චීනයේ දැවැන්ත හුවාවේ සමාගමට එරෙහිව ගෙනයන බලපෑම හමුවේ මෙය රුසියාව විසින් එකී රටවලට එල්ල කළ කණේ පහරක් ලෙස විචාරකයෝ මෙම සිද්ධිය දක්වති.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads