Type Here to Get Search Results !

වහාම අස්වෙන්න ක්‍රිකට් ආයතනය හතුරුසිංහට කියයි


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහට වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබේ.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසයි.

හතුරුසිංහ පුහුණුකරු ලෙස විශාල වැටුපක් ලබා ගන්නා බවත් ඊට සාධාරණ සේවයක් ඉටු වන්නේදැයි ප්‍රශ්ණයක් ඇති බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනු ලබන්නේ තරඟ ජයග්‍රහණය කරන ප්‍රමාණය අනුව බවද කී ඇමතිවරයා පුහුණුකරුවන්ට ද එය එසේ විය යුතු බවද පැවසීය.

ශ්‍රී ලංකාවට එන්න පෙරාතුව චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු අති දක්ෂ පුහුණුකරුවෙකුගේ කළ මතයක් පැවතින.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අරගලයක් කර හතුරුසිංහ මෙරටට ගෙන එන ලද්දේ අතිවිශාල දීමනාවක්ද ගෙවීමට ගිවිසුම් ගත වෙමිනි.

කෙසේවෙතත් ඔහු පැමිණි පසු ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වීමට අසමත් විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads