Type Here to Get Search Results !

අසරණ සතුන්ට ගෙවල් හදලා දෙන 23 හැවිරිදි තරුණයා


මේ කියන්න යන කතාව පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක ආශාවන් සහ වඩා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට ඇති ආශාව එකට එකතු වූ විට ලස්සන ප්‍රතිවිපාක ඇති වන බව සනාථ කරන විදිහේ කතාවක් කිව්වොත් හරි.

23 හැවිරිදි Amarildo Silva පරිසරයට වගේම සතුන්ටත් ආදරය කරන තරුණයෙක්. සතුන්ට ආදරය කළේය. මේ කතාව පටන් ගන්නේ අන්න ඒ දෙපිරිසටම ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන කල්පනා කරමින් සිටි ඔහුට පැමිණ එක් අපුරු අදහසක් සමගින්.

ඉතින් මෙහෙම අදහසක් විතරක් හිතේ තියාගෙන මේ උතුම් කාර්ය පටන් ගන්න ඔහු අවසානයේ නතර වෙන්නේ පරණ හා පාවිච්චි කළ මෝටර් රථ ටයර් නැවත නිර්මාණය කරමින් සුරතල් සතුන් සඳහා සහ ඔහුගේ වටපිටාවේ විවිධ මාර්ගවල ඉන්න අහිංසක සතුන්ට හුරුබුහුටි සත්ව ඇඳන් බවට පත් කරමින්

තරුණ කලාකරුවා ජීවත් වන බ්‍රසීලයේ කැම්පිනා ග්‍රෑන්ඩ් නගරයේ අතහැර දැමූ සතුන් ප්‍රමාණය නිවාස නොමැති අයට වඩා පස් ගුණයකින් වැඩියි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

තමන්ගේ නගරයේ අයාලේ යමින් ඉන්න මේ අහිංසක බලු පැටවුන්ට රෑ වෙලාවට ටයර් තුළ කැරලි ගැසීමට ප්‍රිය කරන බව

දැක්ක අවස්ථාවක තමයි අමරිල්ඩෝට මේ ටයර් අදහස පහල වෙලා තියෙන්නේ. චිත්‍ර ශිල්පියෙකු ලෙස, අතහැර දැමූ ද්‍රව්‍ය නැවත ප්‍රතිනිර්මාණය කිරීමටත්, ඔහුගේ නිර්මාණශීලිත්වය ප්‍රයෝජනවත් යමක් බවට පත් කිරීමටත්, ඒ සමඟම තමන් අවට වට පිටාව ඇස්වලට ප්‍රසන්න කරවීමත් කියන කරුණු මුල් කරගෙන මේ වැඩේ බොහොම සාර්ථක වෙලා තියනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වෙනුවෙන් ටයර් හොයාගන්න හිතුවට වඩා මහන්සි වෙන්න වුනා වගේම දවල් රෑ බලන්නේ නැතුව නගරයේ තැන් තැන් වලට යමින් ඉවත ලන ටයර් එකතු කළා කියලා තමයි ඔහු කියන්නේ. ඊට පස්සේ ටයර් කැපීම, පිරිසිදු කිරීම සහ සීරීම වැනි ඉතා සූක්ෂම ක්‍රියාවලි රැසකට භාජනය කරලා අවසානයේ ඒවා වියළී ගිය පසු දීප්තිමත් වර්ණ තීන්ත ආලේප කර මේ නිර්මාණය අවසන් කරනවා. දීලා තියනවනම් සුරතලාගේ නම වුනත් මේ අපූරු නවාතැනේ සටහන් කරලා දෙන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ගෙදර සුරතලයට ඇති කරන බලු පැටවූ වෙනුවෙන් වගේම මහා මග තනිව ජිවත්වන අහිංසක සතුන් වෙනුවෙන් උණුවුන හදවත් ඇති මිනිස්සු ඔහු ලවා මේ ගෙවල් හදාගන්න එනවා කියලත් දැනගන්න ලැබෙනවා.





Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads