කොරෝනා ආසාදිත එක් රෝගියෙකුගෙන් දිනකට තවත් පුද්ගලයින් දස දෙනෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.
ලෝකයේ බොහෝ රටවල් මෙම රෝගය සඳහා ගොදුරුවීමේ දත්ත නිරීක්ෂණය කිරීම හරහා අධ්‍යයනය කිරීමෙන් මෙය පැහැදිළි වන බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ වෙනත් රටවලට සාපේක්ෂව වේගයෙන් ව්‍යාප්ත නොවුනද, මෙම දත්ත නිරීක්ෂණයෙන් පැහැදිළි වන්නේ මෙම රෝගය ඉතා වේගයෙන් දස දෙනෙක් දක්වා ව්‍යාප්ත වී එම දස දෙනාගෙන් තවත් දස දෙනෙකුට ව්‍යාප්තවීමේ අබ්වධානමක් ඇති බවයි.
එමෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් අප අතර සිටිය හැකි බවටත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අනතුරු ඇඟවීමක්ද කළා.
තවද ලංකාව තුළ පළමු රෝගීන් 100 වාර්තාවීමට දින 54 / දෙවන රෝගීන් 100 වාර්තා වීමට දින 19 / තුන්වන රෝගීන් 100 වාර්තා වීමට දින 08 / හතරවන රෝගීන් 100 වාර්තා වීමට දින 04 ක් ලෙස රෝගීන් වාර්තා වූ බවයි ඔහු පැවසුවේ.
මෙම අවධානම පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් සහ වගකීමකින් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.


