Type Here to Get Search Results !

අවුරුදු 12ක දරුවකුත් සිටිනවා - මෙන්න දැනට හමුවූ රෝගීන් 15 දෙනාගේ තොරතුරු


අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 15 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 435ක් වනවා.

advertisement
මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ.

මිට අමතරව බණ්ඩාරනායක මාවතේ අද දිනයේදී සිදුකල PCR පරීක්ෂණ මගින් වයස අවුරුදු 12ක දරුවෙක් කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිදුකළ පරීක්ෂණ වලදී තවත් නාවික හමුදා සෙබළුන් සිව්දෙනෙක්ටද කොරෝනා ආසාධනය වී ඇති බවට හෙළිවූ බවත් තවත් නාවික සෙබලෙකු මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ආසාධිතයෙක් ලෙස හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

අනෙක් රොගින් දෙදෙනාගේ තොරතුරු තවමත් යාවත්කාලීන වි නැහැ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads