වැලිසර කඳවුරේ සෙබළුන් 30 කට කොරෝනා රෝගය වැළඳී ඇති බව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත පිරිස 368 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය දිනක් තුළ හමු වූ වැඩිම ආසාදිතයන් ගණන වනවා.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 107 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.



