Type Here to Get Search Results !

නාවික හමුදාවේ 4000ට සහ පවුල් වල අයට වුනුදේ


නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් පිළිබඳව රටේ සමස්ත ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
පසුගිය දිනෙක නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනසිටි සහ ඔහු රාජකාරි සිදුකල කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ඔහු සමඟ ගැවසුනු සියළු පුද්ගලයින් PCR පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, මෙම සෞඛ්‍යමය හේතූන් මත වැලිසර පිහිටි නාවික කඳවුරු පරිශ්‍රය හුදෙකලා කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවත් එහි සිටින 4000 ආසන්න නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් (වැලිසර නාවික කඳවුර තුල විවාහක නිවාස 194 පිහිටා ඇත) ඒ අනුව කඳවුර තුලත් හුදෙකලා කර ප්‍රමුඛත්වය මත වෛරසය ආසාධිත පරීක්‍ෂණයන්හට යොමු කිරීමට කටයුතු යෙදා ඇත.
තවද, එහි සේවය කල නිවාඩු මත සිටින නාවික පුද්ගලයින් අතුරින් ආසාධිත නාවිකයින් ඇසුරු කිරීම මත හදුනාගත් ප්‍රමාණයක් නැවත කඳවුර තුලට ගෙන්වාගෙන ඇත.
මෙම තත්වය මත ශ්‍රී ලංකා නාවික හමුදාව ආයතනික නිරෝධාන කටයුතු වල දැනටමත් යෙදී ඇති අතර එම කටයුතු සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම මත සැළසුම් සහගතව සිදු වෙමින් පවතී
advertisement
එබැවින් ශ්‍රී ලංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නොවන අතර නිවාඩු මත තම නිවාස වල සිටින නාවික පුද්ගලයින් එලෙසම තැබීමටත්, වැලිසර නාවික හමුදා කඳවුරේදී සෞඛ්‍ය පරීක්‍ෂණ පවත්වා පැවති සියළු නාවික මෙහෙයුම් නැවත පටන් ගැනීමට සහ හදුනා ගත් වෛරසය ආසාධිතයින් රෝහල් ගත කර ප්‍රථිකාර කිරීමටත් කටයුතු කර ඇත.
එමෙන්ම, නිවාඩු මත හෝ රාජකාරීමය හේතූන් මත කඳවුරු වලින් බැහැරව සිටින නාවික පුද්ගලයින්ගේ තොරතුරු නාවික හමුදා මූලස්ථානය සතුව පවතී.
නිවාඩු මත හෝ කඳවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු දැනගැනීම‍ට අවශ්‍ය නම් පහත දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වීමේන් ඕනෑම අයෙකුට ඔවුන් පිලිබඳ තොරතුරු ලබා ගත හැක.
මෙහෙයුම් මැදිරිය නාවික හමුදා මුලස්ථානය :
දුරකථන අංකය – 0112445368/ 0117192251
ෆැක්ස් අංකය – 0112441454
වට්ස් ඇප් – 0772201365
විද්‍යුත් තැපෑල – nhqdno@yahoo.com

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads