මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයෙහි නියුතු නිලධාරී , නිලධාරිනියන් හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඊයේ (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
පොලිස් නිලධාරිනියන් සිවු දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු මෙලෙස ඇතුලත් කළ බවත් සැක සහිත රෝග ලක්ෂණ පැවතීම මත වාට්ටුවලට ඇතුලත් කොට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා මාධ්‍යට සඳහන් කර තිබෙනවා.


