අද (24) දිනයේ රාත්‍රී 7.30 වන කාල සීමාව දක්වා කොරෝනා රෝගීන් 47 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ සමගම මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 415ක් වන අතර සුවය් ලැබූ සංඛ්‍යාව 109ක් වනවා.
අද දිනයේදී රෝගීන් 11 දෙනෙක් බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වන අතර 30 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් වේ.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගොස් සිටි තවත් සෙබළුන් 05 දෙනෙකුටද කොරෝනා ආසාධනයවී ඇති බව තහවුරුවී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව රත්නපුර හිදිල්ල, කුරුණෑගල පොල්ගහවෙළ උඩපොළ ප්‍රදේශයෙන්, කුරුණෑගල කිනීයාපොළ, බදුල්ල ගිරාදුරුකෝට්ටේ පහල රත්කිද සහ මහනුවර දඹුල්ල අත්බෝධිවැව ප්‍රදේශයෙන් මේ ආකාරයෙන් කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වී ඇත.
ඊට අමතරව කොළඹ මරදාන ප්‍රදේශයේ ගර්භණී කාන්තාවකට ද අද සවස කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.


