Type Here to Get Search Results !

රත්නපුරේ කොරෝනා ආසාදිත නාවික සෙබළා ගියපු තැන් මෙන්න


ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් පස්දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගිය පුද්ගලයින්.
ඔවුන් රත්නපුර හිදිල්ල කන්ද, කුරුණෑගල පොල්ගහවෙළ උඩපොළ, කුරුණෑගල කීනියා පොළ, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ සහ දඹුල්ල අතබෝධිවැව ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඉන් රත්නපුරයේ පදිංචි නාවික හමුදා සෙබලා නිවාඩු ලබා සිය නිවෙසට පැමිණ ඇත්තේ පසුගිය විසි දෙවැනිදායි.
අනතුරුව ඔහුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු නිවෙස් 11ක සාමාජිකයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
advertisement
මේ අතර ඔහු නිවෙස බලා පැමිණෙන අවස්ථාවේදී සමන් දේවාලය අසල මාර්ග බාධයකින් බැස තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ විෂබීජ හරණය කටයුතු අද සිදුකෙරුණා.
මෙම නාවික නිලධාරියා නිවෙස වෙත පැමිණීමට පෙර තංගල්ලේ පිහිටි දුරකථන අලුත් වැඩියා කටයුතු සිදුකරන ස්ථාන දෙකකට ගොස් තිබෙනවා. “ෆියුචර් කැෆේ කමියුනිකේෂන්” සහ “බෝගහවත්ත කමියුනිකේෂන්” යන ජංගම දුරකතන අලුත්වැඩියා කරන ආයතන දෙකට. ඉන් එක් ස්ථානයක අදාල නාවික හමුදා සෙබලා පැයකට වැඩි කාලයක් රැඳී සිට තිබෙනවා.
මේ අතර අලව්වේ පදිංචි ආසාදිත නාවික භටයාගේ පවුල්වල සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට අද යොමු කෙරුණා.
එමෙන්ම බදුල්ලේ ආසාදිත නාවික සෙබළා මහියංගණයේ පැයක් පමණ කාලයක් රැඳී සිට තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නාවික හමුදා සෙබළුන් අට දෙනාගෙන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වූ බව අද තහවුරු වුණා.
මේ අතර පොලොන්නරුවෙන් හඳුනාගත් අසාදිත නාවික සෙබළා දඹුල්ලේ සිට ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු ඊයේ පස්වරුවේ PCR පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව සිය නිවෙසට පැමිණ තිබෙනවා.
අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගම්වාසීන් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසුව අදාල පුද්ගලයා නිරෝධායනය සඳහා කටුකැලියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads