Type Here to Get Search Results !

පිළියන්දල කොරෝනා රෝගියාගේ සමීප ඥාතීන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ


කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් පිළියන්දල, නිවන්තිඩිය, සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයාගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද (23) ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසුවා.
advertisement
පසුගිය 20 වෙනිදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා රෝහල්ගත කළ කාන්තාවගේ සමීප ඥාතීන් වන බවත් ඔහු ඊට දින දෙකකට පෙර කොස් රැගෙන ගොස් එම නිවසට ලබාදී ඇති බව තොරතුරු අනාවරණය වූ බව වෛද්‍යවරයා සඳහන් කළා.
මාළු ව්‍යාපාරිකයා ආසාදිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පසු විපරමේ දී ඔහු නිවසට ආ බව ඩිපෝව අධිකාරීවරයාගේ බිරිඳ තොරතුරු වසන් කර තිබූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එම කාන්තාව රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද දැනුම් දුන්න බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads