නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වනවා.
ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති නව කොරෝනා ආසාධිත මුලූ සංඛ්‍යාව 368 දෙනෙක්. ඔවුන්ගෙන් 254 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ඊට අමතරව නව කොරෝනා ආසාධිත බවට සැකකරන 173 දෙනෙකුද රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. නව කොරෝනා ආසාධිතව සිට ශී‍්‍ර ලංකාවේදී පූර්ණ සුවය ලැබූ පිරිස 107 දෙනෙකු වනවා.


