Type Here to Get Search Results !

ඊයේ හමුවූ රෝගියෙක් රෝහලට වැරදි ලිපිනයක් දීලා


කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ඊයේ (24) දිනයේදී වාර්තාවූ කොරෝනා වෛරසය ආසාධිත මරදාන ප්‍රදේශයේ පදිංචි රෝගී ගර්භණි කාන්තාව තමන් පදිංචි ලිපිනය වැරදි ලෙස ලබාදී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
advertisement
ඇය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වෛද්‍යවරුන් විසින් ඇයව රෝහලේ පිහිටි විශේෂිත වාට්ටුවකට ඇතුලත් කොට එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාධිතයෙක් බවට තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළා.
මරදාන ප්‍රදේශයෙන් මිට පෙරද කොරෝනා ආසාධිත රෝගීන් හමුවී ඇති පසුබිමක් තුල ඕනෑම පුද්ගලයෙක් රෝහල් ගත වීමේදී තමන් පදිංචි නිවැරදි ලිපිනය බලධාරීන්ට ලබාදීම වැදගත් බව පැවසූ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එමගින් වෛද්‍යවරුන්ට එම රෝගීන්ගේ රෝග හඳුනා ගැනීම සහ අවශ්‍ය පරීක්ෂණ කිරීම සහ ප්‍රතිකාර ලබාදීම ඉක්මන් කළ හැකි බවද කියා සිටියා.
රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය මෙම රෝගී කාන්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ඇති නිසා එහිදී ඔවුන්ට එල්ලවී ඇති බලපෑම් අවම බවත්, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙක් කිසිදු රෝගියෙකුටද එහිදී අවධානමක් ඇති නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads