ඇඳිරි නීතිය ඉවත් කළ පසු නිවසින් බැහැරවීමට අවසර දීමේ ක්‍රමය පිළිබඳව ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ පහත ආකාරයෙන් වනවා.
කවරෙකු හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍ය මිළට ගැනීමට පමණයි. එවැනි මිළදී ගැනීම් සඳහා පාගමනින් යා හැකි නිවසට ආසන්නතම වෙළඳසැල තෝරාගත යුතු වනවා.
අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද, නිවසෙන් බැහැරවීමට අවසරදෙනු ලබන්නේ ජාතික හැඳුනුම්පතේ අංකය පදනම් කරගනිමිනි. ඒ අනුව ඔබට හිමි ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව නිවසෙන් බැහැරවීමට අවසර ලැබෙන්නේ පහත ආකාරයෙන් වනවා.
- සඳුදා – ජාතික හැඳුනුම්පතේ අංකය 1 හෝ 2
- අඟහරුවාදා – ජාතික හැඳුනුම්පතේ අංකය 3 හෝ 4
- බදාදා – ජාතික හැඳුනුම්පතේ අංකය 5 හෝ 6
- බ්‍රහස්පතින්දා – ජාතික හැඳුනුම්පතේ අංකය 7 හෝ 8
- සිකුරාදා – ජාතික හැඳුනුම්පතේ අංකය 9 හෝ 0


