Type Here to Get Search Results !

වැලිසර නාවික හමුදා කඳවුරේ නවතම තත්වය මෙන්න


වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට අද (24) දිනයේදී කොරෝනා වෛරසය වැලදී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.

ඒ අනුව මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි සෙබළුන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

advertisement

මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර සම්පුර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එම කඳවුරේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

කඳවුරේ සිට නිවාඩු ලබා ගොස් සිටි සෙබළුන් යලි කඳවුර වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් එලෙස රැගෙන එන පිරිස් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් වෙනම ස්ථානයක් ද සකස් කරමින් සිටින බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads