Type Here to Get Search Results !

කුඩාවැල්ල ධීවර වරායේ වෙරළාරක්ෂක නිලධාරින් දෙදෙනකු නිරෝධායනයට යොමුකරයි මෙන්න හේතුව


කුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගත්තා.
advertisement
කුඩාවැල්ල ධීවර වරායේ සේවය කරමින් සිටි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වැලිසර නාවික හමුදා කඳවුරේ පැවැති පුහුණුවීමකට සහභාගී වී මෙම මස 22 නැවත පැමිණි ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
මෙම නිලධාරියා සමඟ රාජකාරී කළ අනෙක් නිලධාරීන් දෙදෙනා මෙලෙස අද දිනයේ නිරෝධායනය කිරීමට පියවර ගත්තා.
කුඩාවැල්ල ධීවර වරායේ වෙරළාක්ෂක මුරකුටිය තාවකාලිකව වසා දැමීමටද නිලධාරීහු පියවර ගත්තා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads