නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත පිරිස 340ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (23) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 10ක් වනවා.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 107 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


