නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් 02 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත පිරිස 435 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 116 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
පුද්ගලයන් 247 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.


