නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 440ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද (25) දිනයේ රාත්‍රී 7.00 වන විට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 20ක් වනවා.
මේ වන විට රෝගීන් 118 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් ගත කොට ඇති මුළු සංඛ්‍යාව 315 ක් වේ.


