Type Here to Get Search Results !

පොහොට්ටු ප‍්‍රාදේශීය සභා 03ක අයවැය පරාදයි.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම විරුද්දව ඡන්දය දෙති..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන තුනක අයවැය ඊයේ දිනයේ පරාජයට පත්වී තිබේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව, ජාඇල ප්‍රාදේශීය භාව යන පළාත් පාලන ආයතන වල මෙසේ අයවැය පරාජයට පත්වී ඇත.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු සිටියද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පමණි.

ජාඇල ප‍්‍රාදේහීය සභාවේ මන්ත්‍රීවරු 47 දෙනකු සිටින අතර ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 23 දෙනා අතර 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා 18-27 ලෙස අයවැය පරාජයට පත්වී තිබේ.

අම්පාර නගර සභාවේ අයවැය පරාජය වී තිබුණේ 12-06 ලෙසයි. එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads