Type Here to Get Search Results !

මන්ත්‍රීගේ පවුලේ හතර දෙනෙකුටම කොරෝනා..


කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී, මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කොට සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු තුනක දරුවා ඇතුළු පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරනවා.

මන්ත්‍රීවරයාගේ බිරිද, දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුද මේ අතර වන බව ඊයේ (13) සවස ලැබුනු පී.සී.ආර්. වාර්තා ප්‍රතිථල මගින් තහවුරු වී ඇති බව ද වෛද්‍ය නිලධාරීවරයා පැවසුවා.

රෝගය ආසාදනය වී ඇති මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ප්‍රදේශයේ ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයිද සුභසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads