Type Here to Get Search Results !

කොරෝනා මෘතදේහ භූමදානය කලොත් නඩු…


කොරෝනා අසාදිත මෘතදේහය බැහැර කිරීමේ දී පරිසර පනත උල්ලංඝනය වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත එම සංවිධානය විසින් මේ බව දැනුම් දී තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

අධ්‍යක්ෂක ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
බත්තරමුල්ල

අධ්‍යක්ෂක ජනරාල්තුමනි,

අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව.

මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත.

කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇත.

අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම අපද්‍රව්‍යක් බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකොට පරිසර පනත උල්ලංඝණය වන ආකරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කලහොත් ඔබට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙයින් දැනුම් දෙමි.

මෙයට
විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads