Type Here to Get Search Results !

දියවන්නාවේ දී මරණයට පත් වූ පුද්ගලයාට කොරෝනා ලු – මරණය යට ගසන්න කරන ප්‍රෝඩාවක් බවට චෝදනා


බත්තරමුල්ල අධි ආරක්ෂිත කලාපයට අයත් දියවන්නා ඔයේ මසුන් අල්ලමින් සිටි ඔරුවක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් පසු මරණ පරීක්ෂණය සඳහා මළසිරුර අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමුකර තිබෙනවා.

රාජගිරිය – බුත්ගමුව පාරේ පදිංචි රාජේන්ද්‍රන් රවින්ද්‍රන් නමැති අය පසුගිය (11 වැනිදා) මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.

කොළඹ ජාතික රෝහලේදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදු කළ අතර එහිදී ඔහුට කොවිඩ් වැලඳී ඇති බව සඳහන් කෙරුණා.

මියගිය අයට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඔහුගේ පවුලේ ආශ්‍රිතයන්ද නිරෝධායනය කර තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රැද්‍රිගු පැවසුවා.

මියගිය අයගේ බිරිඳ වන ශානි මධුවන්ති පවසන්නේ තම සැමියාට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව කීම මුසාවක් බවයි. තවද තමන් එය පිළි නොගන්නා බවත් සැමියාගේ මරණයේ පරීක්ෂණ යට ගැසීමට කොරෝනා බව අඟවා සිරුර පුළුස්සා දැමීමට පොලිසිය උත්සාහ කරන බවත් ඇය කීවා.

ඇය තවදුරටත් මෙලෙසද පැවසුවා.

‘‘මගේ සැමියාට කිසිම රෝගයක් තිබුණේ නෑ. අසල්වැසි දෙදෙනෙක් පෑලියගොඩ මාළු වෙළෙඳපොළට යාම හේතුවෙන් අපේ පවුලත් ආශ්‍රිතයින් හැටියට නි​රෝධායනය කළා. පසුගිය සතියේ මගේ සැමියා පී.සී.ආර්. පරීක්ෂණය කළා. එහිදී කොවිඩ් 10 වැලඳී තිබුණේ නෑ.

අපිට ජීවත් වෙන්න මුදල් නෑ. ඒකයි මහත්තයා මාළු අල්ලන්න ගියේ. මාසයක් වයසැති බිළිඳියක් ඉන්නවා. එයාට තාම නමවත් තිබ්බේ නෑ. මහත්තයා අපිත් එක්ක එකටමයි හිටියේ. පුංචි බබාව එයා නිතරම ​අතේ තියාගෙන හිටියා. එහෙම නම් අපිටත් කොරෝනා හැදෙන්න ඕනෑ. අපි ඉන්නේ මහ විශාල ගෙයක නෙවෙයි. පුංචි පැල්පතකයි.”


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads