කොරෝනා පොකුරු මතුවීමට හේතුව අහඹු සමාජ නියැදි පරීක්ෂාව නිවැරදිව සිදු නොවීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ සමාජයෙන් අහඹු නියැදි පරීක්ෂාව සිදුකළේ නම් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු මුලින්ම හඳුනාගැනීමට හැකියාව තිබුණු බවයි.
විවිධ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවට වඩා මේ සදහා ක්‍රම වේදයක් හදලා රටට ඉදිරිපත් කරන ලෙස එම සංගමය යෝජනා කරනවා.
එසේ නොවුනහොත් අනාගතයේදී පෑලිගොඩ පොකුරක් මතුවෙන එක සහ අනාගතයේදී අපිට මිනුවන්ගොඩ පොකුරක් මතුවෙන එක අනුරාධපුරයෙන් කුරුණෑගලින් මතුවෙන එක අපිට නැවැත්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.
මේ අතර බස්නාහිර පළාතට තවදුරටත් කොරෝනා වෛරසයේ අවදානම දැඩිව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරනවා.
කොළඹ මහනගර සීමාවට අයත් බල ප්‍රදේශවලට මෙම අවදානම වැඩි වශයෙන් පවතින බවයි ඔහු කියා සිටියේ.


