කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත රසායනාගාරයේ යළිත් දෝෂයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
PCR යන්ත්‍රයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා මෙලෙස නැවත PCR පරීක්ෂණ ප්‍රථිපල නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙන බවයි ඔහු පැවසුවේ.
මේ නිසාවෙන් අද උදෑසන අවසන් වූ පැය 24 කාලය තුලදී PCR පරීක්ෂණ වල ප්‍රථිපල ලබා දීම යම් ප්‍රමාදයක් සිදු වූ බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් ඔහු කියා සිටියේ එය එය අද දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.


