Type Here to Get Search Results !

ලංකාවෙන් සොරාගත් 18 වන සියවසේ මිල කළ නොහැකි බුදුපිළිම 2ක් අමෙරිකාවෙන් මතුවෙයි (PHOTOS)


ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලදැයි කියන 18 වන සියවසට අයත් බවට නිර්ණය කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අතිපෞරාණික ප්‍රතිමා යුගලයක් යළිත් වතාවක් ලංකාවට බාරදීමට අමෙරිකාවේ මැන්හැටන් දිස්ත්‍රික් නීතීඥ සයිරස් වැන්ස් (කණිෂ්ඨ) තීන්දු කොට ඇත.

2011 සිට 2020 දක්වා සුභාෂ් කපූර්ගේ නායකත්වයෙන් යුත් අපරාධ ජාවාරම් ජාලයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් කරන ලද විමර්ශනයකට අනුව මෙම ප්‍රතිමා යුගලය ඉන්දියාවේ ශ්‍රී ලංකාවෙන් සොරාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

මෙම ප්‍රතිමා යුගලට අමතරව 2500 කට අධික වටිනාකමින් යුත් කලාකෘතිද මෙම විමර්ශනයේදී සොයා ගැනීමට හැකිව ඇත.

ඒවා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, නේපාලය, ඉන්දුනීසියාව සහ ආසියාවේ සහ මැද පෙරදිග වෙනත් ජාතීන් වෙතින් සොරාගෙන ගොස් ඇති බව පැවසේ.

මෙම ප්‍රතිමාවල මුළු වටිනාකම ඩොලර් මිලියන 143 ඉක්මවන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම පිළිම දෙක එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා වෙත බාරදීම සිදුවිය.






 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads