Type Here to Get Search Results !

වන විනාශයට එරෙහිව ඇඳි විශාල සිතුවමට පොලීසිය කළ දේ


අද පරිසර පොලිස් ඒකකය විසින් කොළඹ නෙළුම් පොකුන මහින්ද රාජපක්ෂ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර ඇති පරිසර හිතකාමී බිතුසිතුවමක් ඉවත් කර තිබෙනවා.

වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයේ යෞවන අංශය විසින් පින්තාරු කරන ලද බිතුසිතුවමක් ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාකාරී දිනයට සමගාමීව ඉදිකර තිබෙනවා.

එය වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයේ තරුණ අංශය විසින් සංවිධානය කරන ලද ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ කොටසක්.

මෙම ව්‍යාපාරය ශ්‍රී ලංකාව පුරා පෙර නොවූ විරූ පාරිසරික විනාශයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබුණා.

කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයේ යෞවන අංශය විසින් එම බිතුසිතුවම් සකස් කර එම ස්ථානයේ ප්‍රදර්ශනය කිරිමට කටයුතු යොදා තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් පරිසර ඒකකයේ ප්‍රධානියා එම ස්ථානයට ගොස් එම බිතුසිතුවම අනුමැතියකින් තොරව ඉදිකර ඇති බවට පවසමින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රථිපලයක් ලෙස පොලිස් පරිසර ඒකකයේ මැදිහත් වීමෙන් එම බිතුසිතුවම සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. 


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads