Type Here to Get Search Results !

සුවස් ඇලේ නැවක් හිරවෙලා.. මෙරට ඉන්ධන-ගෑස් මිල වැඩි කරන්න වෙනවා..- බන්දුල


ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇතැයි ද ඔහු පවසයි.

එමෙන්ම සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද ඔහු කියා සිටියේය.

එසේ නොකළොත් මෙරට සමාගම් කඩා වැටීමට ලක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads