Type Here to Get Search Results !

යුනෙස්කෝ එකෙන් කියලා සිංහරාජෙ ගැන නිවේදන දුන්නු කව්ද මේ මීගස්වත්ත?


සිංහරාජයේ වන විනාශයක් සිදුව නැතැයි කියමින් යුනෙස්කෝව සම්බන්ධ කොට පසුගිය දින කිහිපය තුළ ප්‍රකාශ නිකුත් කළ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.

එහි සදහන් වන්නේ මෙම මීගස්වත්ත මහතා වියත් මග සංවිධානයට සම්බන්ධව සිටි අයෙකු බවයි.

එමෙන්ම මේ වනවිට හෙතෙම අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක කටයුතු කරන්නෙකු බවද හෙතෙම පෙන්වා දෙයි.

එහි මෙසේ සදහන්ය.

‘සිංහරාජයේ වන විනාශයක් සිදුවි නැති බවට, සිංහරාජ වනාන්තරය , “ලෝක උරුමයක් “ බවට ප්‍රකාශයට පත්කළ UNESCO සංවිධානය විසින්, ප්‍රකාශයට පත්කර ඇති බවත් , භාග්‍යා දැරිය “බොරුකාරියක් “ බවත් , රජයට හිතවත් මාධ්‍ය සහ රාජපක්ෂවදි සමාජ මාධ්‍යය විසින් ඉතා බරපතළ ප්‍රචාරයක් ගෙනයමින් පවති. ඔවුන් කියන්නේ වන විනාශය , බොරුවක් , මිත්‍යාවක් බවයි. UNESCO සංවිධානය නමින් , ප්‍රකාශ නිකුත්කර ඇත්තේ “ආචාර්ය මීගස්වත්ත “ නැමැති අයෙකු බව දැනගත්විට කුතුහලය තවත් වැඩිවුණා . ඔහු කවුද ? මොනවද කරන්නේ ?

ඔහු මාධ්‍යවේදියෙක්. පසුගිය ජනාධිපතිවරන වෙදිකාවල “ වියත්මග” නියොජනය කරමින් කතාකළ අයෙක්. ජනමාධ්‍ය හා සම්බන්ධ මගේ මිතුරෙක් ප්‍රකාශකළේ ඔහුගේ ආචාර්ය උපාධිය බොරුවක් බවයි. ඔහුගේ profile එකට ගොස් බලන විට ඔහුගේ ආචාර්ය උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය ගැන සදහනක් නැහැ. ඔහු දැනට දරන “ලේකම් ජනරාල් “ තනතුර දේශපාලන පත්වීමක්. ආයතනය ,Sri Lanka National Commission For UNESCO යනු ,අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ , අධ්‍යාපන අමාත්‍යාංශය තුළම පිහිටුවා ඇති දේශීය ආයතනයක්. සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.ඇල්. පිරිස් . මෙම ආයතනය UNESCO ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන මුදල් කළමනාකරණය සදහා පිහිටුවන ලද්දක්. මෙම “මීගස්වත්ත” කතාකරන්නේ යුනෙස්කෝව වෙනුවෙන් නොව , පොහොට්ටුවේ සභාපති ජි.ඇල්. පීරිස් වෙනුවෙන් බව පැහැදිලියි.’






 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads