Type Here to Get Search Results !

කාර්යාලයේ නිරුවතින් දුවපු වීඩියෝවේ හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ද?


ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ නම සඳහන් වීඩියෝවක් හේතුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය උණුසුම් වී ඇත.

නිරුවතින් දිවයන පුද්ගලයෙකු පෙන්වමින් අදාළ වීඩියෝව රූගත කරන පුද්ගලයා පවසන්නේ එලෙස දිව යන්නේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා බවය. තම බිරිඳ සමඟ කාර්යාලයේදී එලෙස මන්ත්‍රීවරයා නිරුවතින් හැසිරෙනු තමා අතටම අල්ලා ගත් බවද එහිදී අදාළ පුද්ගලයා පවසන ආකාරය දැක ගත හැක. මන්ත්‍රීවරයාගේ යැයි පැවසෙන කාර්යාලයක්ද එම වීඩියෝවේ දක්නට ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් සහන් ප්‍රදීප් මහතා සඳහන් කළේ එය දේශපාලනික ලෙස මඩ ගැසීම සඳහා කළ ක්‍රියාවක් බවය.

“මගේ නිරුවත දන්නේ මමනේ. ඕවා දේශපාලනික වශයෙන් මඩ ගහන්න කරන වැඩ. ඕවා කළා කියලා අපි වැටෙන්නේ නැහැ. තව තව ඉස්සරහට යනවා. ඕවා කරන අය තමයි වැටෙන්නේ. ඒ හින්දා මම ඕවා ගණන් ගන්නේ නැහැ.” මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එසේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads