Type Here to Get Search Results !

ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ බැහැලා. අපි ප්‍රශ්න විසඳා නොගත්තොත් මීළඟ ඡන්දෙන් දිනන්න බෑ - ගොඩහේවා


ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ යම් අප්‍රසාදයක් මතුවෙමින් පවතින බවත් ඒ යතාර්ථය තේරුම් ගනිමින් ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා නොගතහොත් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොහැකි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. 

"අපි යතාර්ථය පිළිගන්න ඕනෙ. තුනෙන් දෙකක බලයක් ඇතිව මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයෙද අද ඉන්නෙ ? අපට යම්කිසි අර්බුදයක් තියෙනවා. ජනතාව අතර යම් යම් ගැටළු තිබෙනවා, අප්‍රසාදයන් තිබෙනවා. ඒක තේරුම් ගත්තෙ නැත්නම් අපි ඉස්සරහට යනකොට අපි තවතවත් පල්ලෙහාට යන එක තමයි වෙන්නෙ. 

එහෙම නම් මේ ආණ්ඩුව කොහොමද ඊළඟ මැතිවරණ වලිනුත් දිනන්නෙ කියන එක කල්පනා කරන්න ඕනෙ. අපි අතර සමගිය තිබුණෙ නැත්නම් ඊළඟ මැතිවරණය ලේසි වෙන්නෙ නෑ. අපි අමතක කළොත් අපි බලයට ආවෙ කොහොමද කියලා, අපිට ඊළඟ මැතිවරණය දිනන්න බෑ. 

අද හරිම කණගාටුයි මට බලන් ඉන්නකොට, අපේ කඳවුර ඇතුළෙත් අපෙ අයට මේක අමතක වෙලා තියෙන හැටි. වියත්මගට වැඩියෙන්ම බනින්නෙ අපෙ අය. ටයි එකක් දාගත්ත ඕනෙ මිනිහෙක් වියත්මගේ කියනවා. වියත්මගේ එහෙම අය නෑ. වියත්මගට ගහනකොට අපි ගහන්නෙ උගත් මධ්‍යම පාන්තික පරපුරට. පාවෙන ඡන්දවලට. අපි ඒ අය අයින් කරගෙනද ඊළඟ ඡන්දෙට යන්න හදන්නෙ ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
 
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (28) ගම්පහ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවක් අමතමිනි. 


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads