Type Here to Get Search Results !

SJB බස්නාහිර මහ ඇමති අපේක්ෂකත්වය කාන්තාවකටද..?


සමඟි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහඇමති අපේක්ෂකත්වය එම පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රභල ක්‍රියාකාර්ණියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වී තිබේ.

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එම පක්ෂය නියෝජනය කරමින් අජිත් පී පෙරේරා, චතුර සේනාරත්න, සුජීව සේනසිංහ, ඒ එච් එම් ෆවුසි වැනි නායකයින් ගණනාවක්ද තරඟ කිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

නමුත් මේ වනතුරු මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට සමඟි ජන බලවේගය ක්‍රියාකර නොමැත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ අතර එහිදී පරාජයට පත්විය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads