Type Here to Get Search Results !

ජනාධිපතිතුමාට අපහාස කිරීම ගැන අරුම පුදුම සටහනක් සිරිල් ගාමිණී පියතුමා ෆේස්බුක් පිටුවේ තියයි..


සත්‍යය අසත්‍යය කුමක් වුවත් ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතු බව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසා ඇත.

එම සටහන පහතින් දැක්වේ.

ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඬුකඳේ ගැසිය යුතුය

ජනාධිපතිවරයාට අපහාස වන දේ සමාජ මාධ්‍යයේ පළ කිරීම හෝ එවැනි දේ අනෙක් අය අතර බෙදා හැරියොත් එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහෙයින් මෙසේ ලියන්නට සිතිණි.

ජනාධිපතිවරයා පත්වූ දා සිට මේ දක්වා මේ රටේ කිසිදු දූෂණයක්, වංචාවක්, හොරකමක් සිදු නොවුනේය. බඩු මිල එන්න එන්නම පහත වැටී වැටෙන්නට වෙන පතුලක් නැතිව පස්‍ යට සැඟවී ගියේය. මරණ දඩුවම හෝ සිර දඩුවම හෝ නියම වූ හෝ කිසිවෙක් නිදොස්කොට නිදහස් නොකෙරිණි. රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර පමණක් යෙදීමෙන් රට සහලින් සහ අනෙකුත් භව බෝගවලින් ස්වයංපෝෂිත වී ගොවියා රජෙක් බවට පත්විය. දේශීය නිෂ්පාදන එන්න එන්නම වැඩිවී අපනයන අහස උසට නැග විදේශ විනිම සංච්තයේ බර දරා ගන්නට බැරිව මහ බැංකු ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියන තත්ත්වයට පත්ව තිබේ. ගෑස් ටැංකි පිපිරීම් වලට වරදකරුවන් වූ ගෑස් සමාගම්වලට උපරිම දඩුවම් ලබා දී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා නිර්දේශ සියල්ලම අකුරටම ක්‍රියාත්මක කොට වගකිවයුතු සියල්ලන්ටම උපරිම දඩුවම් ලබා දී තිබේ.

මේ සියල්ලට නායකත්වය දුන් අයෙකුට එසේ නොකළේ යැයි කීම මහා අපහාසයකි. සත්‍යය අසත්‍යය කුමක් වුවත් එසේ අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතුය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads