Type Here to Get Search Results !

එජාප පලමු රැලියෙන්ම ගැටුම්.. කතාවක් නොදුන්නාට නවීන් එලිපිට විරෝධයේ..



කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනරැළියේ කථික ලැයිස්තුවෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අප්‍රසාදය පළ කරයි.


ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ තමන් එම රැලියට සහභාගි නොවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බවයි.


තමන් එහි නොපැමිණියේ කථික ලැයිස්තුවෙන් තම නම කපා දැමීම නිසා යයිද ඔහු සඳහන් කරයි.


තමන් පක්ෂය සමග දිගටම රැඳී සිටින බවද පවසන ඔහු නමුත් පුද්ගල ගෞරවයට කිසිම හේතුවක් නිසා හානි නොකල යුතු නැති  බවද  කියා  සිටී.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads