Type Here to Get Search Results !

ක්ලබ් වසන්තගේ අවසාන කටයුතු මොහොතේ මදූෂ්ගේ සුසානය ළඟ සලකුණක් තබා යයි - VIDEO


 ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි. 


ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්ය. 


මෙවන් පසුබිමක මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදාර්ශනය කර තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


එහි සඳහන් කර තිබුණේ "අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න." යනුවෙනි.


මේ අතර වසන්තගේ මුල්ගම වූ නුවරඑළිය නගරයද සුදුකොඩිවලින් සරසා තිබෙන අයුරු දක්නට ලැබූ බවද අප වාර්තාකරුවන් පැවසීය. 


අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරුණි.


ක්ලබ් වසන්තගේ දේහය තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කළේය. 


එහිදී ආරක්ෂාව සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පැමිණ තිබුණි.


ඔහුට අවසන් ගෞරව සඳහා සමීපතමයන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads