ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පළවූ වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
සභාපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ ඔසාකා තරග සංචාරයේදී ඉහත ඇති වූ සිදුවීමේදී තරුෂි කරුණාරත්නගේ අනාගතය පිළිබදව අවධානය යොමු කරමින් ඇයට ක්‍රීඩා සභාවේ කණස්සල්ල පළ කළ බවයි.
මහජන මුදලින් ඇයට හා පුහුණුකරුට ගෙවීම් ලබා දෙන බැවින් ඉහත සිදුවීමෙන් එය අපතේ යාහැකි බැවින් ද හා මලල ක්‍රීඩා ආයතනය ලබාදී තිබෙන උපදෙස් ඇය විසින් නොසලකා හැර තිබෙද යන්න පිළිබඳවත් එහි දී අවධානයට ලක් විය.
එබැවින් ඒ පිළිබදව පැහැදිලි කර ගැනීම සදහා ජාතික ක්‍රීඩා සභාව විසින් මෙම විධිමත් පරීක්ෂණය සිදු කර එහි වාර්තාවක් 2024 ජුනි 3 වැනිදා හෝ ඊට පෙර ක්‍රීඩා ආයතනයෙන් ඉල්ලා සිටි බවත් එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.