Type Here to Get Search Results !

ලුණුත් නෑ.. ආනයනයට අනුමැතිය ඉල්ලයි..


 ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැලැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.


ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.


මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වයයි.


වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව සමාගම්වලින් කළ විමසුමකදී හෙළිවිය.


අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් දැනගන්නට තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads