Type Here to Get Search Results !

රුවන්පුර අධිවේගය අත්හිටුවයි.. සල්ලි නෑ..


 මුදල් අර්බුදය හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය අතහැර දැමීමට රජය තීරණය කර තිබේ.


රුවන්පුර අධිවේගී මාර්ගය වෙනුවට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.


එ් අනුව දැනට අවිස්සාවේල්ල දක්වා ඇති දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට නියමිතව ඇත.


2010-2015 කාලයේදී පැවති රජය රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කර 2018 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබිණි.


නමුත් 2015 දී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා එම ව්‍යාපෘතිය කටයුතු ඇණ හිටියේය.


මෙම අධිවේගී මාර්ගයට අදාළව පළමු අදියර යටතේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් විසි දෙකක දුරක් ඇතුළත සිදු කර තිබිණි.


කෙසේ වෙතත් මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.


එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇත්තේ තාවකාලිකව පමණක් යයිද හෙතෙම කියයි.


මෙහි ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති අතර මෙවර අයවැයෙන් ද ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බවත් ඔහු පවසයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads