Type Here to Get Search Results !

පොහොර සහනාධාරය, වාරි ජලය ගන්නවානම් ගොවීන් රජයට වී දිය යුතුයි..


 රජයේ පොහොර සහනාධාරය ගන්නා ගොවීන් තම වී අස්වැන්නෙන් කොටසක් රජයේ වී ගබඩාවලට දිය යුතු බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.


පොහොර, ජලය ගොවීන් ගන්නේ මහජන මුදල්වලින් බවත්, එබැවින් ඔවුන් තම වී අස්වනුවලින් යම් කෝටාවක් රජයට දීම කළයුතු බවත් ඒ සඳහා නව නීති සකස් කරන ලෙස යෝජනා ඉදිරිපත්වී ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.


මෙම පහසුකම් රජයෙන් ගන්නා ගොවීන් ඒ තුළින් තම අස්වනු සරුකර ගෙන වී අස්වනු මහමෝල්කරුවන්ට ලබාදීම සිදු කරන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.


වී මිල දී ගැනීම් කටයුතු සඳහා රජයේ සියලු වී ගබඩා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads