Type Here to Get Search Results !

නිල නිවාස කුලිය වැඩිකරන්න මාලිමා මන්ත්‍රීලා විරුද්ධ වෙයි..


 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආහාර සඳහා වන මිල වැඩිකිරීමට සාපේක්ෂව මේ වන විට මාසයකට රුපියල් 2000ක් වන මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස කුලිය වර්තමාන තක්සේරුව අනුව වැඩි කරන ලෙස ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ එම අවස්ථාවේ ගෘහ කාරක සභාව නියෝජනය කළ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසයි.


අනිද්දා පුවත්පතට ප්‍රකාශයත් කරමින් එම මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර මේ වන විට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව නියෝජනය කරනුයේ ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බවත් පවසා තිබේ.


එහිදී මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙතෙක් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව, මුදල් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව යන කාරක සභා සඳහා පමණක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත්කර ඇති බවයි.


ඒ අනුව අනෙක් කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනයක් නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් ඉවත් කරන බවට ද ජාතික ජනබලවේගය පක්ෂය පොරොන්දුවූ නමුත් එය පාර්ලිමේන්තුවේදී යෝජනා කර ස්ථිර කරන තැනට කටයුතු කරවූයේද විපක්ෂය විසිනි.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads