Type Here to Get Search Results !

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න


 ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්, දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.


එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය.


පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණි.


විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අතර සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ද  අමාත්‍යංශය සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads