Type Here to Get Search Results !

රජය වී සහතික මිල නම් කර බැංකුවලට දන්වලා..?

වී සඳහා වන සහතික මිල රුපියල් 115ක් ලෙස කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.


පාරිභෝගිකයන්ගෙන් ගොවියාට මෙම ප්‍රශ්නය පාස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.


ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.


මේ අතර එක්සත් සහල් නිෂ්පාදයකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජය මේ වන විටත් වී සහතික මිල තීරණය කර සති තුනකට වඩා වැඩි කාලයක් ගතවන බවයි.


එහි සභාපති මුදිත පෙරේරා මහතා පැවසුවේ වී මිල සම්බන්ධයෙන් මේ වන විටත් බැංකුවලට දැනුම් දී අවසන් බවයි.


ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 95ක් සහ වියලි නාඩු වී කිලෝවක් රුපියල් 115ක් ලෙසත් සම්බා වී කිලෝවක් 120ක් ලෙසත් බැංකු වෙත දැනුම් දී ඇති බවද හෙතෙම පැවසුවේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads