Type Here to Get Search Results !

වී සහතික මිල මෙන්න..


 වී කිලෝවක් සඳහා රජය විසින් ලබා දෙන උපරිම මිල සහතික මිල ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා උපරිම මෙහි රුපියල් 120කි.


සම්භා වී කිලෝවක උපරිම මිල රුපියල් 155කි.


කීරි සම්භා වි කිලෝවක උපරිම මිල රුපියල් 152 කි.


මෙම සියලු මිල ගණන් නියමිත වියළි තත්ත්වයේ පසුවන ඒවා සදහාය.


වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීමට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.


එහිදී ලාල්කාන්ත මහතා වී මිල ප‍්‍රකාශ කලේ මෙසේය.


‘අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට. සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා.


සහල් මිල ගැනත් හිතලා ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads