Type Here to Get Search Results !

විදුලිය බිද වැටුනේ ගිය ආණ්ඩුවේ වරදින්..- විදුලි ඇමති


 පැවති රජයන්ගේ සැළසුම් රහිත කමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිඳවැටීමට හේතුවී ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.


අද රට පුරා විදුලි බිද වැටීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.


එම සම්පූර්ණ නිවේදනය මෙසේය.


“අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.


ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා.


කොහොම වුනත් මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.


විදුලි බිඳවැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියළුදෙනාටමත් ස්තුතිවන්ත වෙනවා”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads