Type Here to Get Search Results !

නීතිපතිට යන්නැයි ජනපති දන්වලා.. නැතොත් දෝෂාභියෝගයකින් එලවනවාලු..


 නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දී ඇති බව අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරයි.


එසේ ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගෙන ඒමට නියමිතව ඇති බවද එම නාලිකාව කියා සිටියි.


ඉදිරි දින කිහිපයේ නීතිපතිවරයා ඉල්ලා අස්නොවුනොත් එළවා දැමීමට සූදානමක් ඇති බවද එම නාලිකාව තවදුරටත් කියා සිටී.


ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඊයේ කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇත.


සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකුමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක් තුළ මෙසේ ජනාධිපතිවරයා ඔහු කැඳවා සාකච්ඡා කර ඇති අතර එහිදී නීතිපති පාරින්ද රණසිංහ ද ඒ පිළිබඳ හේතු දක්වා ඇති බව ආරංචි මාර්ග පවසයි.


ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ යැයි සැක කළ චූදිතයන් පිළිබඳව නීතිපතිගෙන් කරුණු විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා පිළිතුරු දී ඇත්තේ අදාළ නඩුව එම ඝාතනයට වගකිවයුතු අය පිළිබඳ නඩුවක් නොව තොරතුරු වසන් කිරීමට අදාළ නඩුවක් බව ය.


ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි නම් නැවත නඩු පැවරිය හැකි බව ද ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බව සඳහන් වේ.


කෙසේ නමුත්, මීට අදාළ පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ නැවත එකී නිදහස් කළ චූදිතයන්ගේ සාක්ෂි ගැනීම අවශ්‍ය වුවහොත් ඊට ඔවුන් නැවත කැඳවීමට වුවද සූදානම් බව එහිදී නිතිපතිවරයා ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


කෙසේ වුවද, මේ සිදුවීම මත සමාජය තුළ සහ මාධ්‍යවේදීන් අතර ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා නීතිපති පාරින්ද රණසිංහ වෙත දැඩි අවවාද කොට ගත යුතු පියවර පිළිබඳව වැඩිදුර උපදෙස් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads