ඒ ඊයේ දිනයේ දිවයින පුරා සිදු වූ විදුලි බිඳවැටීමෙන් පසු විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහාය.
මණ්ඩලය පවසන්නේ පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ රටේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට යෝජිත බවයි.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මෙම විදුලි කප්පාදුව සදහා ලබාගැනීමට නියමිතව ඇත.
මේ අතර සම්පූර්ණයෙන් අක‍්‍රිය වී ඇති නොරොච්චෝල බලාගාරය නැවත ක්‍රියාත්මක කරන තෙක් විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා තාප විදුලිය මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇත.
එය තව දුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියි.
තාප විදුලිය පද්ධතියට සම්බන්ධ නොකරන්නේ නම් විදුලි කප්පාදුවකට යෑමට සිදුන බවත් විදුලි කප්පාදුවකට යෑමට බලාපොරොත්තුවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.














