Type Here to Get Search Results !

තෙල් මිල ගැන සිපෙට්කෝ වෙතින් ප‍්‍රකාශයක්.. නයිජීරියාව දෙස බලයි..


 දේශීය වෙළඳපල තුළ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් මෙම අවස්ථාවේ සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.



මැද පෙරදිග යුදමය තත්ත්වය මත ඉදිරියේදී ඇතිවන වාතාවරණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පිළියම් යෙදීමට දැනටමත් සැලසුම් කරමින් සිටින බවද සංස්ථාව කියා සිටී.



දැනට පවතින මැදපෙරදිග උණුසුම් තත්ත්වයේ බලපෑම එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී මෙරටට එල්ල වීමට හැකියාව පවතින බවද සංස්ථාවේ අදහසයි.



එ් අනුව ඉන්ධන සැපයුම් දාමයට බාධා ඇති වුවහොත් නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයකින් ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාව අදහස් කර සිටියි.



ඊට අදාළව තෙල් සාම්පල් පරීක්ෂා කරවීමටද සංස්ථාව සූදානම් වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads